Wednesday, February 18, 2026
Follow Us
වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට අවස්ථාව


කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරට තුළ පවතින ඩොලර් හිගය බව පැහැදිලිව රජය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට සිහින මවන මෙරට වැසියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින බලාපොරොත්තුවක් ලබාදුනි.

ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24 වැනිදා) එක් වෙමිනි.

අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ. අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා.
අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට.
අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඔ්නේ.

(Aruna)