Wednesday, February 18, 2026
Follow Us
කල්‍යාණී රන් පිවිසුම මහජනයාට විවෘතයි

නව කැලණි පාලමෙන් යන්න බලන් සිටි රියදුරන්ට දැනුම්දීමක්


කල්‍යාණි රන් පිවිසුම අද(25) පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

මෙරට කේබල් මත ඉදිකෙරුණු පළමු පාලම වන මෙය ඊයේ(24) සවස විවෘත කිරීමෙන් අනතුරුව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන බොහෝ පිරිසක් පැමිණි අතර ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැත.

මෙම නව පාලමෙන් ගමන් කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

(Aruna)