අවශ්ය නම් තමන්ට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය පාවිච්චි කර හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ සම්පූර්ණ ඇමති මණ්ඩලයේම ප්රජා අයිතිය අහෝසි කළහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
"පාස්කු ඉරිදා ප්රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කළේ ? එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇතිකරලා තිබුණා. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇතිකරලා තිබුණා. යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධියක් නොවුණෙ එන්න ඒ හින්දා. නමුත් ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවාව නැතිකරලා, රණවිරුවන්ව නැතිකරලා, ඔවුන්ගෙ මානසිකත්වය කඩාදාලා, මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා.
ඒ අයම පත්කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයො කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකියන්න ඕනෙ කියලා පැහැදිලිවම කියලා තියෙනවා. එහෙනම් අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නීතිපතිවරයාට ලබාදීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීලා තියෙනවා. ඒ පරීක්ෂණ කරලා ඒ අයට නිසි දඬුවම් ලබාදෙන්න.
හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පළිගැනීම් කරන්න අපි ඇඟිලි ගහන්නෙ නෑ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බෑ අහවලාට දඬුවම් දෙන්න කියන එක. ඒක අධිකරණය කරයි. විශ්වාසයක් තියෙනවා. හැබැයි කඩිනමින්ම කරන්න ඕනෙ නම් අපට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා (එහෙම කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා) ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්රියා කරන්න පුළුවන් අවශ්ය නම්. ඒක නම් ඉල්ලන්නෙ ඒක කරන්න පුළුවන් අපට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඉතිං එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්රවේශමින් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්තියි"
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) නව කැළණි පාලම විවෘත කිරීමේ උත්සව අවස්ථාව අමතමිනි.
(LNW)