Wednesday, February 18, 2026
Follow Us
රට සාමාන්‍ය පරිදි ඇරෙන තීරණයක්

සෞඛ්‍ය ඇමති අලුතෙන් ලබාදුන් අවසරය


රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යෑමට අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව මංගල උත්සව, සිනමාශාලා ,ආපනශාලා, හෝටල්‌ සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත්‌ එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයා හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන්‌ තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය.

විශේෂයෙන්‌ මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා නිබීම , දුරස්ථභාවය ආදී කරුණු අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

(Aruna)