Wednesday, February 18, 2026
Follow Us
රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන්ගේ වැටුප් වැඩි කෙරේ


වත්මන් රජය විසින් මෑතකදී රාජ්‍ය සේවය බදවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

අද පාර්ලිමේන්තුවේදී පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ එම උපාධිධාරීන්ගේ වැටුප් ද වැඩි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 41,000ක් වනු ඇත.

මේ වන විට ඔවුන්ට මාසිකව හිමිවන්නේ රුපියල් 20,000ක වැටුපකි.

(Aruna)