සියලුම පෙර පාසල් ප්‍රධානීන්ට දැනුම්දීමක්
කොවිඩ් අවදානමක් යළි මතුවිය හැකි බැවින් පෙර පාසල්වල වර්ෂ අවසානයේදී පවත්වනු ලබන විවිධ ප්‍රසංග සංවිධානය නොකරන්නැයි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා සියලුම පෙර පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.
විවිධ ප්‍රසංග පැවැත්වීමට හෝ නැටුම් ගැයුම් පුහුණුවීම් සඳහා ඒකරාශිවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ඇය සඳහන් කරයි.
පෙර පාසල තුළ අධ්‍යාපනය ලබන දරුවන් ලබන වසරේදී පාසල්වලට ඇතුළත් වීමට නියමිත බැවින් සාමාන්‍යයෙන් වසර අවසානයේදී විවිධ ප්‍රසංග පවත්වා දරුවන්ගේ නිර්මාණශීලී දක්ෂතාවන් එළිදක්වන නමුත් මේ වසර තුළදී එය කිරීමට නොහැකි වී ඇතැයි ඇය පෙන්වාදේ.
මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථාන හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන 19,216ක් දිවයින පුරා පවතී. එහි දරුවන් ලක්ෂ 5ක් ගුරුවරුන් 3,7000ක් යටතේ අධ්‍යාපනය ලබති.
(Aruna)