Sunday, April 12, 2026
Follow Us
කොවිඩ් එන්නත කුමක් වුවත් බුස්ටර් එන්නත ගැනීමේ ගැටලුවක් නැහැ - සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්

කුමන එන්නතක් ලබාගෙන තිබුණද, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේදී කිසිඳු ගැටළුවක් ඇති නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ මීට පෙර ලබාගත් එන්නත පිළිබඳ නොසලකා වයස් කාණ්ඩව නිවැරදි නම් බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි බවයි.

දිනෙන් දින යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වන බැවින් නිවැරදි සෞඛය පුරුදු කෙරෙහි සියලු දෙනාගේ දැඩි අවධානය මේ මොහොතේදී අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊයේ දිනයේදී මෙරටින් අලුතින් කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හඳුනා ගැනුණා. පෙරේදා දිනයේ සිදුවූ කොරෝනා මරණ 31 ක්ද ඊයේ දිනයේ තහවුරු කෙරුණා.

(Neth)