Wednesday, February 18, 2026
Follow Us
මීටර් නැති ත්‍රිරෝද රථ අත්අඩංගුවට

2022 අප්‍රේල් මාසයෙන් පසු මීටර් නැති ත්‍රිරෝද රථ වලට සිදුවන දේ


එළැඹෙන ජනවාරි (2022) මාසයේ සිට ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීමට ගැසට් පත්‍රය අත්සන් තබා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

බස්නාහිර පළාතට අනිවාර්ය කරමින් ජනවාරි 1වැනි දින ගෙන එන මෙම නීතිය මාස තුනක් ඇතුළත දීපව්‍යාප්ත කරන බවත් ඉන් අනතුරුව මීටර් නොමැතිව කුලී ගමන් යන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සඳහා නීති සකස් කරන බවත් හෙතෙම කීය.
මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (21 වැනිදා) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය. කුලී ත්‍රිරෝද සියල්ල මීටර් ටැක්සි බවට පත්කිරීම අනාවාර්ය කෙරෙන ගැසට් පත්‍රය අත්සන් තබා ඇතත් තවමත් නිකුත් නොකරනු ලැබුවේ අදාළ වැඩපිළිවෙළ සම්බන්ධව ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් දැනුවත් කරන තෙක් බවද හෙතෙම කීවේය.

(Aruna)