Wednesday, February 18, 2026
Follow Us
පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට සිට විවෘත වේ

හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතයි


මෙතෙක් ආරම්භ වී නොමැති හයවන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා.

එසේම මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.

ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට ජනවාරි මාසයේදී විසඳුම් නොලැබුණහොත්, යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා.

(Aruna)