Wednesday, February 18, 2026
Follow Us
හැට පහේ විශ්‍රාම වයස ත්‍රිවිධ හමුදාවට අදාළ නැහැ -  ශෙහාන් සේමසිංහ කියයි

රාජ්‍ය අංශයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් ගෙන ආ යෝජනාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අදාළ නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර පළාත් පාලන ආයතනවල අයවැයට අදාළව ඡන්දය ලබා දීමේදී සිය කැමැත්තට අනුව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළාත් පාලන ආයතන නියෝජිතයින්ට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම තීරණයෙන් 2022 අයවැය ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුව තුළ කිසිදු ගැටලුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)