Wednesday, February 18, 2026
Follow Us
ජනවාරියෙන් පසු රැකියාවට රට යන අයට ඩොලර් 15,000 ක රක්ෂණය අනිවාර්ය කිරීමට නීති

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ගතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

විදේශගත ශ්‍රමිකයන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක නොවූ විශ්‍රාම වැටුප හා සමාන රක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතු බවට වන මෙම කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් සභාවට ඉදිරිපත් කළා.

(Neth)