Wednesday, February 18, 2026
Follow Us
පොහොර ආනයනයට පියවර

පොහොර නොමැතිව ගොවියන් අසීරුතාවට


තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඊට රමේෂ් පතිරණ මහතා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ, ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස හැසිරෙන බවත්ය.

(Aruna)