Wednesday, February 18, 2026
Follow Us
පාසල් සිසුන් ගැන නව තීරණයක්

සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරණයක්


සියලු පාසල් විවෘත වු පසු ඉදිරියේදි සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ලබන සඳුදා සිට මෙතෙක් විවෘත නොවු 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර, ඒ අනුව, ළමයින් 27 ලක්ෂ 14 874 එදින සිට පාසල් වෙත පැමිණෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරණයක් කර ඇති බව කොළඹ ඊයේ (18) පැවැති උත්සවයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

(Aruna)