රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට පණිවිඩයක්
රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම සලකා බලා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශයේදීම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.
එය ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.
(Aruna)