Wednesday, February 18, 2026
Follow Us
රටේ තෙල් හිඟයක් නෑ. හැමෝම ෆුල් ටෑංක් ගහගන්න දුවන එකයි ප්‍රශ්නේ - ඇමති ගම්මන්පිල

ජනතාව අනවශ්‍ය ලෙස කබලයට පත්ව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසෙනවා විනා රටේ තෙල් හිඟයක් කිසිසේත්ම නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

"තෙල් හිඟයක් නෑ. අවාසනාවට බොරුකීම වෘත්තිය කරගත්ත පුද්ගලයෙකුට මාධ්‍ය වලින් ලබාදීලා තියෙන ඉඩ අවභාවිතා කරමින් වරින්වර තෙල් හිඟයක් එනවෝ කිව්වාම ජනතාව තමන් ප්‍රවෘත්ති අහන්න තෝරාගත්ත මාධ්‍ය විශ්වාස කරලා දුවනවා තෙල් පිරවුම්හලට. එතකොට සාමාන්‍යයෙන් තෙල් පිරවුම්හලක තෙල් තියෙන්නෙ දවස් දෙකකට ප්‍රමාණවත් වෙන තෙල් ප්‍රමාණයක්. ඉතින් වෙනදාට රුපියල් 1000ක ඉන්ධන මිලදී ගන්න පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ගෙ ටැංකිය පිරෙන්න තෙල් ගහගත්තාම අර දවස් දෙකට තියෙන තෙල් ටික දවස් බාගෙන් ඉවර වෙනවා, එතකොට ආයෙ ඒ ඉන්ධන පිරවුම්හලට තෙල් ගේනකල් එක පැත්තකින් දිග පෝළිමක් ඇතිවෙනවා රටේ ඉන්න සියලුම දෙනා එක මොහොතේ තෙල් ගහන්න ගියාම. දෙක හැමෝම ටැංකි පිරෙන්න ගහගත්තාම නිකම්ම තෙල් හිඟයක් ඇතිවෙනවා. ඒක ඉතිං දවසක් දෙකක් ගියාම නිකම්ම ඒ තෙල් හිඟය මගහැරිලා යනවා"

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)