Wednesday, February 18, 2026
Follow Us
ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්

ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ මගින් ජනාධිපති කාර්යාලය - ජාතික ප්‍රමුඛතා වැඩසටහන, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි අදාළ සංශෝධන සිදුකර තිබේ.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහත සඳහන් යොමුවෙන් කියවිය හැකිය.

http://documents.gov.lk/files/egz/2021/11/2254-30_S.pdf

(LNW)