Wednesday, February 18, 2026
Follow Us
ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකා දෙකක් අද සහ හෙට දිවයිනට

දින 03 ක් තුළ ඉන්ධන මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 16,000 ක් මෙරට ඉන්ධන සංචිතයට එක් වනවා.

ඒ අනුව පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණෙනු ඇති. හෙට දිනයේදී ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි. ඊයේ දිනයේද ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ඉන්ධන තොග මෙරටට රැගෙනවිත් ඇත්තේ ණය පදනම මත බවයි.

මෙලෙස මෙරටට රැගෙන එන ඉන්ධන නැවක් සම්පූර්ණයෙන් ම ගොඩබෑම සඳහා දින 04 ක පමණ කාලයක් ගතවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි.

(Neth)