Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය අදයි

76වන ජන්ම දිනය සමරන අගමැති


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් 25 වන වියේදී මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද 1970 වසරේ දී බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,103ක්.

ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477කට සීමා කරමින්.

මහින්ද රාජපක්ෂ එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

දේශපාලන දිවි ගමනේදී සිය ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන සටන් බිමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

අඩසියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය මැද, සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටිනවා.

(Aruna)