එන්නත ගන්න ඒකරාශී නොවන්න
කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ඊයේ 17 ආරම්භ කළා.
ඒ කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක වලින්.
ඒ අනුව කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව ලබා ගැනීමේදී එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.
(Aruna)