Wednesday, February 18, 2026
Follow Us
ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි


දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනු ලබනවා.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩකඩ පවතිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එනවා.

සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ අගයක් ගන්නා අතර, කන්කසන්තුරය සිට මන්නාරම,කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (55-60) පමණ දක්වා වැඩි විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Aruna)