Wednesday, February 18, 2026
Follow Us
ඉන්ධන ගැන නිවේදනයක්

ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම්


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුව ද කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ සිට වසා දැමීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් පමණ කාලයක් වසා දැමීමට සිදු වන බවටයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

(Aruna)