Thursday, February 19, 2026
Follow Us
පොලිසියේ රැසකට ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරින් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අතර විශේෂ වන්නේ ඉතිහාසයේ පළමුවරට පොලිස් වෛද්‍ය සේවා අංශයට වෛද්‍යවරයෙකු පත් කිරීමයි. එලෙස පත් කර ඇත්තේ උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෛද්‍ය ඩබ්ලිව් සී රණසිංහයි. එහි පරිපාලන අංශයට වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි කේ රණසිංහ පත් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 10 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

(Neth)