Thursday, February 19, 2026
Follow Us
පොල් වලින් බටර්

පොල් බටර්වලට වෙළෙඳපොළ තුළ හොඳ ඉල්ලුමක්


පොල්වලින් බටර් නිෂ්පාදනය කිරීම පිළිබඳව ආරම්භ කරන ලද පර්යේෂණ සාර්ථක බව පොල් පර්යේෂණ මණ්ඩලය සඳහන් කරයි.

බටර් නිෂ්පාදනයේ ආරම්භක අවස්ථා සාර්ථක බවත්, එයට වෙළෙඳපොළ තුළද හොඳ ඉල්ලුමක් ඇතිවන බවද එම මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම පවසයි.

පොල්වලින් ජෑම් ආදිය නිෂ්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී චීස් නිෂ්පාදනයට කටයුතු කරන බවද ඔහු පවසයි.

මෙම නිෂ්පාදන සඳහා ලෝකයේ නව වෙළෙඳපොළක් හඳුන්වා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා කියයි.

(Aruna)