Thursday, February 19, 2026
Follow Us
ගුරු වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් එකවර දෙයි

ගුරු වැටුප් විෂමතාවලින් තුනෙන් එකක් එකවර ගෙවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොරොන්දු වු බව ගුරු සංගම් පවසනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් අද පැවති සාකච්ඡාවෙන් පසු ගුරු සංගම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දින 118ක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඒ, රට වසා තිබූ සමයේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් පවා ඉවත් වෙමින්.

(Neth)