Thursday, February 19, 2026
Follow Us
ඉල්ලුම දෙගුණ වෙයි - භූමිතෙල් නිකුත් කිරීමට සීමා

ගොවි සහ ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම පාළනයක් සහිතව සිදු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මෑත කාල සීමාව තුළ භූමිතෙල් සඳහා ඇති ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඒ අනුව මේ දිනවල භූමිතෙල් මෙට්්‍රක් ටොන් 550 ක් පමණ දෛනිකව අලෙවි වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මේ හේතුවෙන් භූමිතෙල් අලෙවි කිරීම මඟින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23 ක පාඩුවක් ලබන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල එම මාධ්‍ය හමුවේදී අනාවරණ කළේ.

(Neth)