Thursday, February 19, 2026
Follow Us
උ/පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි


උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය මෙම මස 20 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල පිරිසක් යළි විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම් හේතුවෙන් මෙම පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අයැදුම් පත් යොමු කළ යුතු බවත් එහි සඳහන් වෙයි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පළමු වැනිදා සිට එකොළොස් වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(Aruna)