Thursday, February 19, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ රක්ෂණය නවතයි

අකමැති වූ රක්ෂණය ගැන තීරණයක් ගනී


විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට ලබාදීමට යෝජනා වූ ‘අග්‍රහාර රක්ෂණ ක්‍රමය’ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසීය.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතැම් විශ්‍රාමික සංගම් දැක් වූ විරෝධතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද හෙතෙම කීවේය.

එම නිසා තවදුරටත් මේ සම්බන්ධයෙන් විශ්‍රාමික සංගම් සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද ලේකම්වරයා සඳහන් කළේය.

දෙදහස් දහසය වසරේ ජනවාරි පළමු දිනට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ නිලධාරීන්ටද ප්‍රතිලාභ හිමිවන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් මගින් කටයුතු කෙරිණි.

ඒ අනුව වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයකුගෙන් රුපියල් 400ක මාසික වාරික මුදලක් සහ අවුරුදු 70 වැඩි විශ්‍රාමිකයකුගෙන් රුපියල් 600ක මාසික වාරික මුදලක් අයකර ගැනීමට තීරණය කර තිබිණි.

(Aruna)