Thursday, February 19, 2026
Follow Us
දිස්ත්‍රික්ක 10 කට නායයෑම් පිළිබඳ අවදානම් නිවේදනයක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පිළබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, හෙට පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදියි.

බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, නුවර සහ කෑගල්ල, නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු දිස්ත්‍රික්ක කිහිපයක්. එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණු සෙසු දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.

(Neth)