Thursday, February 19, 2026
Follow Us
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා බන්ධනාගාර එළිමහන් සිරකඳවුරු 7 ක් සූදානම් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.

ඒ අනුව වීරවිල, පල්ලේ කැලේ , කන්දෙවත්ත, තල්දෙන, අනුරාධපුර, පල්ලන්සේන සහ අඹේපුස්ස එළිමහන් කඳවුරු සූදානම් කෙරෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව වසරක සිරදඬුවම් විඳින රැඳවියන් මේ යටතේ පුනරුත්ථාපනය කිරීමට නියමිතයි.

ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති කාලය අනුව වර්ගීකරණය කර අදාල එළිමහන් කඳවුරුවල රඳවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.

එහිදී එම රැඳවියන්ට වගා කටයුතු මෙන්ම අනෙකුත් වුත්තිය පුහුණුව ලබා දීමට ද නියමිතයි. මේ වනවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 2,500 කට අධික රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගතව පසු වනවා.


(NEth)