Thursday, February 19, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක මල්ලක් සතොසෙන්

රුපියල් 1000ට අඩු භාණ්ඩ මල්ල ගන්නේ මෙහෙමයි


ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරයි.

සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇත.

ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)