Thursday, February 19, 2026
Follow Us
නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගමන් වාර හෙට ඇරඹෙයි

නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවා හෙට (08) දිනයේ සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව දුම්රිය ධාවනය යළි ආරම්භ කළද එය කාර්යාල දුම්රිය සඳහා පමණක් සීමා කෙරිණි.

නගරාන්තර දුම්රිය සේවා ආරම්භ කළද රාත්‍රී 07 න් පසු දුම්රිය ධාවනය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත.

(LNW)