Thursday, February 19, 2026
Follow Us
වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව 10, 11, 12 සහ 13වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙණ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.

සෞඛ්‍ය නිර්දේශ අනුව දරුවන් පාසල්වෙත යොමු කිරීමට මව්පියන් වගබලා ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සිසුන්ද ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.

(Neth)