Thursday, February 19, 2026
Follow Us
සිමෙන්ති හිගය සති දෙකකින් විසදන බවට මුදල් ඇමතිගෙන් සහතිකයක්

රට තුළ පවතින සිමෙන්ති හිගයට ඉදිරි දෙසතිය තුළ විසදුම් ලබා දෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව වෙත සඳහන් කර තිබෙනවා.

සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලට මේ වන විට දැඩි බාධා එල්ලවී ඇති බවයි ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නියලෙන පිරිස් පවසන්නේ.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177කින් ඉහල නැංවිමටද සිමෙන්ති සමාගම් ඊයේ තීරණය කළා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 50හේ සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ 1,275ක්.

ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,375කට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

මෙරටට සිමෙන්ති ආනයනය කරන ඉන්දියානු සමාගමක් විසින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,384ට අලෙවි කිරීමට තීරණය කිරීමත් සමග දේශීය සිමෙන්ති නිෂ්පාදන සමාගම්ද මිල ඉහල නැංවීමට පියවර ගත්තේ ඒ අනුවයි.
(Neth)