Thursday, February 19, 2026
Follow Us
වගකීම් විරහිතව හැසිරුනහොත් උත්සව සඳහා සිමා පනවන බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

ජනතාව තවදුරටත් වගකීම් විරහිතව හැසිරුනහොත් උත්සව සඳහා සීමාවන් පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

දින 20කට පසු මෙරට දෛනික කොරෝනා ආසාදිතියින් සංඛ්‍යාව ඊයේ 600 සීමාව ඉක්මවා ගියා. ජනතාව මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් රට තුළ යළි කොරෝනා ආසාදිතයින් වැඩි වීමේ අවධානමක් මතුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී ජනතාවගෙන් ආයාචනය කළේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා මර්ධනය කිරීමට උපරිම සහය ලබා දෙන ලෙසයි.

(Neth)