Thursday, February 19, 2026
Follow Us
අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

එසේම, දැදුරු ඔය, රාජාංගණය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්ද සහ තම්බෝව යන ජලාශ වල වාන් දොරටු තවමත් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මාතලේ, බදුල්ල, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ඊයේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම හෙට දක්වා දීර්ඝ කෙරුණා.

(Aruna)