වෙනදාට අයවැයෙන් ලබාදෙන තෑගී එනම් වැටුප් වැඩිවීම්,වෙනත් වරප්‍රසාද ඇතුළු දේවල් මෙවර ලබා දීමට නොහැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයවැයෙන් ලැබෙන සහන මොනවාද යන්න පසුගියදා මුදල අමාත්‍යවරයාගෙන් කළ විමසීමට අමාත්‍යවරයා විසින් පෙරළා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (04) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
''සුපුරුදු පරිදි අයවැයක් ඉදිරිපත්කරන කොට තෑගි බලාපොරොත්තු වෙනවනේ. පඩි වැඩිවීම්,නොයෙකුත් වරප්‍රසාද ඔයවගේ දේවල් බලාපොරොත්තු වෙනවා. එතුමා සඳහන් කළේ එවැනි දේවල් කරන්න බැරිවෙයි අයවැය හරහා සංවර්ධනය සහ ග්‍රාමීය මට්ටමේ ජීවනෝපාය ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වෙන් කෙරනවා. හැබැයි අර වෙනදට අයවැයෙන් බලාපොරොත්තුවෙන තෑගී මේ පාර අයවැයෙන් දෙන්න බැරි වෙයි කියල තමයි එතුමා සඳහන් කළේ. යනුවෙන් එහිදී දිලුම් අමුණුගම අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.
(LNW)