Thursday, February 19, 2026
Follow Us
ප්‍රේෂණ එකතු කරන්න මහ බැංකුවට වෙනම දෙපාර්තමේන්තුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ විදේශ ප්‍රේෂණ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව නමින් නව ආයතනයක් ස්ථාපිත කර තිබෙනවා. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලාඒම පහසු කිරීම සහ එම කටයුතු විධිමත් කිරීම වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

නොවැම්බර් 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදේශ ප්‍රේෂණ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙනවා.

දශක කිහිපයක සිට මෙරට වාර්ෂික වෙළඳ ගිණුමේ හිගයෙන් 80% කට වැඩි ප්‍රතිශතයක් ආවරණය කරන්නේ සේවා නියුක්තිකයන් හරහා පැමිණෙ විදෙස් ප්‍රේෂණවලිනි.

(LNW)