Thursday, February 19, 2026
Follow Us
අක්‍රිය EPF ගිණුම් ලක්ෂ 6කින් වැඩිවේ

2019-2020 කාලයේ හාම්පුතුන්ගෙන් පොලු


2019-2020 කාලයේ පමණක් සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ අක්‍රීය ගිණුම් සංඛ්‍යාව ලක්ෂ හයකින් වැඩිවී ඇත.

2020 වසරේදී අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි මුළු ගිණුම් සංඛ්‍යාව එක්කෝටි අනූ හත් ලක්ෂයකි.

එහෙත් සාමාජික මුදල් බැර නොකිරීම නිසා ඉන් ගිණුම් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් අක්‍රීයව ඇත. 2019 දී අක්‍රීයව පැවැතියේ ගිණුම් එක්කෝටි හැටපන් ලක්ෂයක් බව සේවක අර්ථ සාධක අරමුදලේ මූල්‍ය වර්තාවල දැක්වේ. මේ අනුව 2020 වර්ෂයේදී අරමුදලට දායක මුදල් එවා ඇති ගිණුම් සංඛ්‍යාව විසි හය ලක්ෂයකි.

මේ අතර සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ගේ තැන්පතු ශේෂය වෙනුවෙන් 2020 වසරේදී ගෙවා තිබෙන්නේ 2019 වසරේ ගෙවූ පොලියට අඩු ප්‍රතිශතයකි.

2019 වසරේදී සාමාජික ශේෂය මත ගෙවූ පොලිය 9.25%කි. 2020 දී එය 9.00% ක් බව සේවක අර්ථ සාධක අරමුදලේ මූල්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් අරමුදලේ බදු ගෙවීමෙන් පසු ආදායම 2020 වසරේදී රුපියල් කෝටි විසි හතර දහස් හාරසිය අනූ දෙකකි. 2019 වසරේදී රුපියල් කෝටි විසි දෙදහස් දෙසිය හැත්තෑ හතක ආදායමක් උපයා ඇත.

2020 දෙසැම්බර් 31 වැනිදා වන විට අරමුදලේ සාමාජිකයන් සතු ශේෂය රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑ හය දහස් හත්සිය අසූ තුනක්.

(Aruna)