Thursday, February 19, 2026
Follow Us
එන්නත් ලබා ගත්ත අයට විශේෂ නිවේදනයක්

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක


පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ, එම පියවර ගනු ලැබුවේ වසංගතයෙන් තමන් ආරක්ෂා වන අතරම, අනෙක් පුද්ගලයින්ටද එය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි.

මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං ද එක්ව තිබෙනවා.

බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත්, එය ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම්වලටද ලබාදෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, යුරෝපා රටවල් ක්‍රියාත්මක කරන පොදු ස්ථානයන් හි එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළ මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි.

(Aruna)