සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයටත් අවසර ලබාදීමට මුදල් අමාත්‍යාංශ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එසේම ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 65ක් වශයෙන් පනවා තිබුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට ද කටයුතු කර ඇත.
මෙම බදු අඩුකිරීම නොවැම්බර් 02 වනදා සිට මාස හයක් දක්වා ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
(LNW)