Thursday, February 19, 2026
Follow Us
දෙවැනි මාත්‍රාව විද නොගත්ත අයට විශේෂ පණිවිඩයක්

දෙවැනි මාත්‍රාව ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් විදගන්න පුළුවන්


කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන් සිටීනම් ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට ගොස් එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ඊයේ (03) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ දෙකෝටි අනූලක්ෂයක් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවය.

සමස්තයක් ලෙස වයස අවුරුදු විස්සට වැඩි ජනගහනයෙන් එක්කෝටි පනස් හතර ලක්ෂයක සංඛ්‍යාවක් එනම් සියයට සියයක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන තිබේ.

එසේම අවුරුදු දාසයත් දහනවයත්(16-19) අතර වයස් කාණ්ඩයේ ළමුන්ගේ එන්නත්කරණ වැඩ පිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඊයේ (03) වන විට ළමුන් අටලක්ෂ තුන්දහසක් එන්නත ලබාගෙන ඇත.
එසේම මෙරට කොවිඩ් අවදානම අවසන්ව නොමැති බවත් දෛනිකව ආසාදිතයන් හයසියක්(600) පමණ වාර්තාවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එමනිසා ජනතාව වඩාත් මේ පිළිබඳව සැලකිලිමත්වී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

එසේම කොවිඩ් රෝග ලක්ෂණ පවතී නම් ලංකාවේ ඕනෑම රෝහලකට ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

(Aruna)