Thursday, February 19, 2026
Follow Us
හාල් නම් දැනටත් හිඟයි. ඒ වෙනුවට මයියොක්කා, මුංඇට, කව්පි කන්න වෙයි - ඇමති චමල්

සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

"හාල් හිඟයක් මං හිතන්නෙ දැනුත් තියෙනවානෙ කොච්චර කෑගැහුවත්. ඇයි ඉතිං හාල් නැතෙයි කියනවා, හාල් මිල ඉහළ යනවා, ඒ කියන්නෙ හාල් හිඟයක් තියෙනවානෙ කොහොමත්. නමුත් මම හිතන්නෑ ආහාර හිඟයක් එහෙම වෙයි කියලා. අපිට මේ රටේ හාල් නැතිවුණාට ඉස්සර ගම්වල මයියොක්කා, මුංඇට ( දැන් මේ පාර තිස්සමහාරාමෙ විශාල වශයෙන් මුංඇට තියෙනවා ), අනුරාධපුර පැත්තෙ කව්පි, අපි ඒවා රජයෙන් මිලදී ගන්නවා සියල්ලම. අපි දැන් පාන් කන්න හොයන වෙලාවෙ නරකද මුංඇට ටිකක් කෑවාම ? මයියොක්කා ටිකක් කෑවාම ? දැන් කියනවානෙ මයියොක්කා කෑවාම කැන්සර් වලටත් හොඳයි අරහෙ මෙහෙ කියලා ...."

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (01) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)