සතියට හැඳුනුම්පත් 6000ක් නිකුත් කරයි
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයෙන් පසුගිය සතියේ පමණක් ජාතික හැදුනුම්පත් 6000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ දිනක ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය 1200 ක් පමණ වන බවයි.
දුරකථනය හරහා දිනයන් සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයන් පමණක් මේ දක්වා කැඳවන බව කී වියානි ගුණතිලක මහතා ඇතැමුන් දිනයක් වෙන්කරගැනීමෙන් තොරව කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන අවස්ථාවලදී එවැනි ඉල්ලීම් බැහැර කළ නොහැකි බව ද සඳහන් කළේය.
(Aruna)