අයවැය හිඟය ප්‍රශස්ථ මට්ටමකින් අඩු කර ගැනීමට ඉලක්ක
රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහ අයවැය හිඟය ප්‍රශස්ථ මට්ටමකින් අඩු කර ගැනීම ඉලක්ක කරගෙන මෙවර අයවැය සකස් කර ඇති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා සදහන් කළේ ජලය, මහාමාර්ග සහ වාරිමාර්ග ඇතුළු රජය දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් වැඩි වශයෙන් මුදල් වෙන් කර ඇති බවයි.
2025 වසර වන විට අයවැය හිඟය සියයට 4.5ත්, සියයට 5 මට්ටමට රැගෙන ඒම අපේක්ෂාව බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සදහන් කළා.
(Aruna)