දීර්ඝ සති අන්තය නිමවන තෙක් වගකීමෙන් කටයුතු කරන්න
ලබන 04 වැනිදා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවයි.
එසේ නොමැතිව ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළ හොත් ලබාදී ඇති නිදහස තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විට කුඩා කුඩා පොකුරු නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
(Aruna)