ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද අමාත්‍යවරයා කියා සිටියි.
මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ ඉදිරිපෙළ පිරිස් සඳහා එන්නත්කරණය සිදු කෙරේ.
කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහල,කොළඹ ජාතික රෝහල සහ නාරාහේන්පිට යුද හමුදා රෝහල ඇතුළු ස්ථාන කිහිපයකදී අද මෙම වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙරට සමස්ත ජනගහනයෙන් 70% මේ වනවිට එන්නත්කරණයට ලක් කර ඇතැයිද අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් සඳහා එන්නත් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විවිධ සංකූලතා සහිත දරුවනට මෙන්ම අවුරුදු 12,15,18,19 වයස්හි දරුවනට එන්නත ලබා ලබා දෙන අතරම ඉදිරියේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වබ බවද රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි.
පාසැල් මට්ටමේ සියලු දරුවනට හැකි ඉක්මනින් එන්නත්කරණය සිදුකර අවසන් කිරිමට බලාපොරොත්තු වන අතර විශේෂයෙන් මෙරට එන්නත්කරණය පිළිබඳව රටෙහි සමස්ත ජනතාවටම නිහතමානීව සතුටු විය හැකියැයිද හෙතෙම පවසයි.
එම එන්නත ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන කණ්ඩායම් හැටියට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අයටත් එයට සහයෝගය ලබාදෙන ත්‍රිවිධ හමුදාවේ සියළුම පිරිස් වෙතත්,සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය පිළිබදව අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරයේ කණ්ඩායම්වලටත්, රටේ මුලීක ආදායම් මාර්ග
හැටියට විදේශ විනිමය ලබාදීමේ ක්ෂේත්‍රයේ සිටින එම සියලු දෙනාටත් ක්‍රමානුකූලව ඉතිරි කණ්ඩායම්වලටත් මෙම එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි හෙතෙම සඳහන් කරන්නේ.
(LNW)