Thursday, February 19, 2026
Follow Us
ගැබිණි මව්වරු යළි රාජ්‍ය සේවයට කැඳවයි

ගැබිණි මව්වරු ගැන තීරණයක් ගනී


ගැබිණි මව්වරුන් නැවත රාජ්‍ය සේවයට කැඳවීමට තීරණය කර ඇත.

යම් සීමාවන්ට යටත්ව ඔවුන් සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.

අදාළ කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතු අතර ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කෙරෙයි.

අවශ්‍යතාව මත දින හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

(Aruna)