කොරෝනා තෙවන එන්නත් මාත්‍රාව අද සිට
ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොරෝනා තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කරන අතර එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ රෝගීන් සමඟ ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, ගුවන් තොටුපල, වරාය, සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසටත් මෙලෙස බූස්ටර් එන්නත ලබාදෙන බවයි.
පසුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත්, අවුරුදු 30ත් 60ත් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ටත් බූස්ටර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඉන් අනතුරුව අවුරුදු විස්සට වැඩි සියලුදෙනාට බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මෙලෙස බූස්ටර් එන්නත් ලබාදෙන්නේ කොරෝනා දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි.
(Aruna)