Thursday, February 19, 2026
Follow Us
මේ මාස් කන්නයේ කරන්නේ අත්හදා බැලීමක්. වැරදුණොත් ආපහු රසායනික පොහොරවලට යමු - එස්. එම්

මේ මාස් කන්නයේ කාබනික පොහොර යොදාගෙන වගා කරමින් සිදුකරන්නේ අත්හදා බැලීමක් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

"ඉතිං ඇත්තටම මේ අවුරුද්දෙ මේක අත්හදා බැලීමක් හැටියට තමයි කරන්නේ. යම්කිසි විදියකින් අපට මේ මාස් කන්නෙදි මේ කාබනික පොහොර යොදලා කරන දෙයින් අසාර්ථක ප්‍රතිඵලයක් ලැබුණොත් ඊළඟ යල් කන්නයේ ඉඳන් අපි ඉල්ලා සිටියා අතිගරු ජනාධිපතිතුමාගේ ඒකට විකල්පයක් වශයෙන් නැවත රසායනික පොහොර හරි, කාබනික පොහොර හරි, දෙකම පාවිච්චි කරලා හරි ඉස්සරහට යමු කියලා. හැබැයි ඒක කරන්න අපට මේ කන්නයේ අත්හදා බැලීම කරන්න වෙනවා"

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (31) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)