Thursday, February 19, 2026
Follow Us
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට වැඩට යන්න විශේෂ බස් රථ සේවාවක්

නාරාහේන්පිට සහ අවට රැකියා කරන සේවකයන්ට වැදගත් පණිවිඩයක්


නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අද (01 වැනිදා) සිට සාමාන්‍ය සහ සුඛෝපභෝගි විශේෂ කාර්යාල ප්‍රවාහන බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා ‘අරුණ’ට ඊයේ පැවසීය.

ප්‍රධාන මාර්ග හතක් කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කරන මෙම සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලෙවල් පාර හරහා රත්නපුර, අංක 5 පාර හරහා කුරුණෑගල, අංක 6 පාර හරහා කුරුණෑගල, මහනුවර පාර හරහා මහනුවර සහ පුත්තලම පාර හරහා හලාවත දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

(Aruna)